Adsense නැතුව බ්ලොග් එකකින් සල්ලි හොයන වෙන ක්‍රම

මම අද ඔයාලට කියලා දෙන්න හදන්නේ..බ්ලොග් එකකින් Adsense නැතුව සල්ලි හොයන්න පුලුවන් වෙන ක්‍රම ගැන..Adsense ගැන කිව්වොත් Adsense කියන්නේ සල්ලි ඔයාලගේ බ්ලොග් එකට ඇඩ් දාලා සල්ලි හොයන්න පුලුවන් සුපිරි Service එකක්..ඉතින් මේ ඇඩ්සෙන්ස් එක සිංහල බ්ලොග් වලට සපෝට් කරන්නෙ නෑ..ඉතින් ඒක සිංහල බ්ලොග් කරන කට්ටියට ලොකු පාඩුවක්..කොච්චර ජනප්‍රිය උනත් බ්ලොග් එක සිංහලනම් සල්ලි හොයන්න බෑ මේ ඇඩ්සෙන්ස් පාවිච්චි කරලා නම්..ඒ වගේම ඔයාගේ බ්ලොග් එකේ හොද ට්‍රැෆික් එකක් තියෙන්නත් ඕනේ මේ ඇඩ්සෙන්ස් ඇක්ටිව් කරගන්න..ඒ වගේ ගොඩක් නීති රීති මේ ඇඩ්සෙන්ස් වල තියෙන හින්දා ලංකාවේ බ්ලොග් කරන ගොඩක් අය මේ ඇඩ්සෙන්ස් අතඇරලා වෙනත් Services පාවිච්චි කරනවා..ඉතින් මම අද කියන්න යන්නේ මොනවද මේ Services සහ මොනවද මේවායින් කරන්නේ,කොහොමද මේකෙන් අපිට සල්ලි හම්බවෙන්නේ කියලා..

ඉතින් සාමාන්‍යයෙන් ගොඩක් Services වල අපේ බ්ලොග් එකේ වීව්ස් ගාන බලලා තමයි අපේ බ්ලොග් එකට ඇඩ්ස් දෙනවාද නැද්ද කියලා තීරනය කරන්නේ..ඉතින් ඒකට අඩුමගානේ දවසකට වීව්ස් 1000ක් වත් ඕනේ..ඉතින් මම මේ කියන්න යන Services වලනම් ඔයාලගේ බ්ලොග් එක අලුතින් පටන්ගත්තත් ඔයාලට ඇඩ්ස් දාගන්න පුලුවන්..

1.Bidvertizer

Image result for bidvertiser register
ඉතින් Bidvertizer කියන්නේ අපේ බ්ලොග් එකට ඇඩ් දාලා සල්ලි හොයන්න පුලුවන් සුපිරිම විදිහක්..ඉතින් මෙක මගින් අපිට පුලුවන් අලුතින් හදපු බ්ලොග් එකකට උනත් Ads දාලා යම්කිසි මුදලක් උපයන්න..ඒත් මේකේ ඇඩ්ස් Varify කරන්නේ Paid Domains පාවිච්චි කරන කට්ටියට විතරයි.ඒක හින්දා කට්ටිය මේක ගොඩක් පාවිච්චි කරන්නේ නෑ.ඒ වුනාට මේක E-Money හම්බකරන්න ගොඩක් හොද විශ්වාසදායක සයිට් එකක්.ඔයාලටත් Paid Domain එකක් තියෙනවනම් මෙතනින් ගිහින් Register වෙන්න.ඔයාලට මේකෙන් පුළුවන් ඕනෙම වර්ගයක Ads ඔයාගේ Blog එකට Add කරගන්න.ඒ වගේම ඔයාට පුළුවන් ඔයාට කැමති Add තෝරලා අකැමති ඒවා අයින් කරලා දාන්න..ඒ වගේම මේක බලන Visitor ලාට පුළුවන් මේ Ads පෙන්නන එක කරදරයක් නම් Close Button එක ක්ලික් කරලා Ad එක Close කරලා දාන්න.ඒ වගේම ඒ Visitor ඒ Ad එක Close කලාම පැය 24ක් යනකන් එයාට ඒ Ad එක පෙන්නේ නෑ.

2.Revenuehits

Image result for revenuehits register
Revenuehits කියන්නෙත් Bidvertizer වගේම Ads ගන්න පුළුවන් සයිට් එකක්.ඉතින් මේකත් අලුතින් හදපු බ්ලොග් එකකට උනත් ගන්න පුළුවන්.ඒ වගේම මේක ගන්න Paid Domains තියෙන්න ඕනෙත් නෑ.ඒක හින්දා මේ සයිට් එක තමයි බ්ලොග් එකකින් සල්ලි හම්බකරන්න පුළුවන් සුපිරිම විදිහ.ඉතින් ඔයාලට මේ සයිට් එකේ Register වෙලා ඔයාගේ බ්ලොග් එකේ ඇඩ්ස් දාලා සල්ලි හොයන්න පුළුවන්.Register වෙන්න මෙතනින් යන්න..ඉතින් මේ අය ඔයාලට සල්ලි ගෙවන්නේ එයාලගේ ad එක ක්ලික් වෙන ගානට.ඔයාට මේකේ ad එකක් ගද්දි මෙයාලා ඔයාගේ බ්ලොග් එකේ Views ගාන බලන්නේ නෑ.ඒක හින්දා අලුතින් බ්ලොග් එකක් කරන කෙනෙකුට උනත් මේ සයිට් එක ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා.ඔයා හොයන සල්ලි මෙයාලා කෙලින්ම දෙන්නේ ඔයාලගේ Paypal Account එකට.ඉතින් ඔයාලා Paypal Account එකකුත් හදාගන්න ඕනේ..Paypal Account එකක් හදාගන්න විදිහ මම පස්සේ පෝස්ට් එකකින් කතා කරන්නම්.

3.Adsfly

Image result for adfly register
ඉතින් ඔයාලානම් මේ ගැන නොදැනගෙන ඉන්න විදිහක්නම් නෑ.මොකද අඩුමගානේ ඔයා මේ Adsfly ලින්ක් එකක්වත් ක්ලික් කරලා ඇති.ඉතින් දන්නවනේ මේකෙන් මොකද වෙන්නේ කියලා.මේක Shorten Link Service එකක්.ඉතින් මේක පාවිච්චි කරලා ඔයාට ඔයාගේ බ්ලොග් එකට ඇඩ්ස් ගන්නනම් බෑ.ඒත් ඔයාට පුළුවන් ඔයා බ්ලොග් එකකට දාන ලින්ක් එකක් මෙයාලාගේ සයිට් එක පාවිච්චි කරලා Short කරගෙන ඔයාගේ බ්ලොග් එකට දාන්න.එතකොට ඒ ලින්ක් එක ක්ලික් කරන කෙනාට තප්පර 5ක් ඉදලා Skip Ad බටන් එක ක්ලික් කරලා තමයි එයාට ඕන Download එකට හරි Web Page එකට හරි යන්න වෙන්නේ.ඉතින් කට්ටිය ඒ ලින්ක් එක ක්ලික් කරන තරමට ඔයාට සල්ලි හම්බවෙනවා.ඉතින් මේකේ සල්ලිත් ඔයාට පුළුවන් Paypal හරහා ඔයාගේ බැංකු කාඩ් එකට ගන්න.ඉතින් මේකේ Register වෙන්න ඕනේ කට්ටිය මෙතනින් ගිහින් Register වෙන්න..ඔයා Register උනාම එයාලා කියනවා Email එක Confirm කරන්න කියලා ඒත් ඔයාලා Email එකට ගියාම එහෙම Comfimation මැසේජ් එකක් පේන්න නැති වෙන්න පුළුවන්.ඒ වගේ වෙලාවට ඔයා යන්න ඕනේ.Spam කියලා තියෙන Email ගොඩට.ඉතින් එතකොට ඔයාලට පෙනෙයි Confirm Massege එක.ඒකෙන් ඔයාට පුළුවන් Email එක Confirm කරගන්න.

4.Shorte.st Links

Related image
ඉතින් මේකත් Adsfly වගේම ShortLink Service එකක්.ඉතින් ඔයාලට පුළුවන් මේ සයිට් එක පාවිච්චි කරලා ඒ කෙටි ලින්ක් හදාගන්න.ඉතින් ඒ ලින්ක් ඔයාගේ බ්ලොග් එකට දාලා ඔයාට පුළුවන් සල්ලි හොයන්න.ඉතින් මේකෙදිත් එයාලා අපිට ගෙවන්නේ Visitors ලා මේ ලින්ක් එක ක්ලික් කරන ගානට.ඉතින් ඒ ලින්ක් එක ක්ලික් කරන කෙනාටත් තප්පර 5ක් ඉදලා Skip Ad බටන් එක ක්ලික් කරලා තමයි එයාට ඕන Download එකට හරි Web Page එකට හරි යන්න වෙන්නේ.ඔයාට මේ site එකෙත් Register වෙන්න පුළුවන් මෙතනින් ගිහිල්ලා.ඔයාට මේ ලින්ක් ක්ලික් වලින් ලැබෙන සල්ලිත් Paypal ගිණුම ඔස්සේ ලංකාවට ගෙන්න ගන්න..

එහෙනම් මම ඔයාට Blog එකක Adsense නැතුව සල්ලි හොයන්න පුළුවන් ක්‍රම ටිකක් තමයි කිව්වේ.ඉතින් තව ක්‍රම ගොඩක් තියෙනවා.තව ඉස්සරහට එන පෝස්ට් වලින් තව E money ගැන තොරතුරු ගේන්නම්.මම හිතනවා මේ පෝස්ට් එකෙන් ඔයා මොකක්හරි ප්‍රයෝජනයක් ගන්න ඇති කියලා..එහෙනම් මේ වගේ තවත් පෝස්ට් එකක් අරන් එනකන් ඔයාට සුභ දවසක් වේවා....


No comments