Future Man [S01:E01] Sinhala Subtitles


                අලුතින් වැඩක් පටන් ගන්න කියලා හැදුවේ.ඒ තමයි දැනට ආපු සිංහල උපසිරැසි නැති සුපිරි ට්වි සිරිස්,ෆිල්ම් වලට සිංහල උපසිරැසි දෙන එක.ඉතින් ඒක ගොඩක් අයට ලොකු උදව්වක් වෙයි කියලා හිතනවා.මොකද කිව්වොට් සිංහල සබ් එක නැතුව බැලුවම සමහර ඒවා තේරෙන්නෙත් නැති හින්දා.ඉතින් මුලින්ම පටන් ගන්න හිතුවේ සුපිරි ටීවී සිරිස් එකකින්.ඒ තමයි Future Man කියන 2017 නොවැම්බර් මාසේ 14 වෙනිදා නිකුත් වුන සුපිරිම ටීවී සිරිස් එකක්.කිසිම සිංහල උපසිරැසි දෙන අඩවියකින් මේකට සිංහල උපසිරැසි දීලානෑ තාම.මේ අවුරුද්දේ මේකේ දෙවැනි කතාසමයත් ආවා.තව ටික දවසින් තුන්වැනි එකත් එනවා කියලා තමයි ආරංචිය...

                මේ කතාමාලාවට IMDb දර්ශකයේ 7.8/10ක අගයක් ගන්න පුළුවන් වෙලා තියෙනවා.ඉතින් මේ සීරිස් එක ගැන කිව්වොත් Hulu ආයතනයෙන් තමයි මේ ටීවී සිරිස් එක කරගන යන්නේ.අපි හැමෝම කැමති දෙයක් තමයි ගේම් ගහන එක.ගොඩක් කට්ටිය ගේම් ගහලා ඇතිනේ.ඉතින් මේ ටීවී සිරිස් එකත් ගේම් ගහන අයට ටිකක් විශේෂ එකක් මොකද එකෙත් තියෙන්නේ ගේම් ගහන එකෙක් වටා යන සිද්දියක්.හිතන්න බැරි වෙලාවත් අපි ගහන ගේම ඇත්තටම වෙන දෙයක් උනොත් කොහොම වෙයිද?.ඒකෙ ඉන්න චරිත ඇත්තම මිනිස්සු උනොත්.ඒ වගේ දෙයක් තමයි මේකෙදිත් වෙන්නේ..

                ජෝෂි කියන්නේ ලැබ් එකක වැඩ කරන කෙනෙක්.ලොකු වැඩ නෙමෙයි ඔය කුණු අස් කරන වගේ වැඩ.ජෝෂි ගොඩක් දුරට වැඩක් නැති වෙලාවට කරන්නේ ගේම් ගහන එක.ඉතින් ජෝෂ් ගහන්නේ කාටවත් ගහලා ඉවර කරගන්න බැරි ගේමක්.එක තමයි Biotics war කියන ගේම් එක.ඒ ගේම් එකේදී වෙන්නේ වෛරස් එකක් හින්දා මුළු මනුස්ස සංහතියම විනාශ වෙලා.ඉතුරු මිනිස්සු ටික බේරගෙන Biotics ලා පරාජය කරන්න තියෙන්නේ .ඉතින් අන්තිමේදී ජෝශිට පුළුවන් වෙනවා මේ ගේම් ඒක ඉවර කරන්න.ඒ ගේම් එක ඉවර කරපු පලවෙනි කෙනා වෙලා.ඊටපස්සේ මහා අමුතු සිදුවීමක් වෙනවා.ඒ ගේම් එකේ ඉන්න චරිත දෙක ටයිගර් , වුල්ෆ් ජෝෂි හොයන් එනවා.ඇවිත් කියනවා මේ ගේම් එකේ සිද්ද වුන හැම දෙයක්ම අනාගතයේදී හරියටම වෙනවා කියලා.ඒ වගේම මේ ගේම් එක අනාගතයේ ඉදන් කාලය හරහා එවලා තියෙන්නේ ශුරයෙක් හොයාගන්න.ඉතින් ජෝෂි තමයි ඒ එයාලා හොයාගෙන ආපු ශුරයා මොකද එයා ඒ ගේම් එකගහලා ඉවර කරපු හින්ද.  ඊටපස්සේ තමයි හොද හොද වැඩ පටන් ගන්නේ.ඉතින් හැමෝටම කියනවා මේක කම්මැලි නැතුව බලන්න පුලුවන් ටීවී සිරිස් එකක්.පලවෙනි කතාසමයේකොටස් 13ක් තියෙනවා.මම ඉතුරු 12ත් පුළුවන් ඉක්මනට දෙන්න බලන්නම්..මගේ පලවෙනි සබ් එක හින්දා පොඩි පොඩි අවුල් ඇති ගණන් ගන්න එපා ටික කාලයක් යද්දී හරියයි..


*WEB පිටපත් සදහා ගැලපේ

                        All Episodes                                     Next Episode>>

2 comments: