සිංහල Support කරන්නේ නැති Phone එකෙන් සිංහල සබ් එක්ක ෆිල්ම් බලමු

එහෙනම් මම අද කියලා දෙන්න හදන්නේ කොහොමද සිංහල Support කරන්නේ නැති Android SmartPhone එකකින් සිංහල Subtitles එක්ක ෆිල්ම් බලන්නේ කියලා..ගොඩක් දෙනෙක් මේක දන්නේ නෑ ඉතින් එයාලා සබ් නැතුව තමයි ෆිල්ම් බලන්නේ.ඉතින් ඒ අයටත් මේක කොහොමද කරන්නේ කියලා හොය හොයා හිටපු කට්ටියත් එක්ක තමයි මේ පෝස්ට් එක ගෙනාවේ.ගොඩක් දුරට මේ සිංහල Support කරන්නේ නැති ෆෝන් htc,Micromax වගේ Brand වල පොඩි SmartPhones වල තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ..සමහර Brand වලනම් එයාලගේ Latest Version එකේ උනත් සිංහල Support කරන්නේ නෑ.ඉතින් මගේ ෆෝන් එක htc desire 626 එකක් හින්දා මටත් තිබ්බා මේ ප්‍රශ්නේ,ඉතින් මම හොයාගත්ත මේකට විසදුමක්.ඉතින් මම ඒ ක්‍රමේ තමයි ඔයාලත් එක්ක බෙදාගන්න යන්නේ.

ඉතින් මේ වැඩේ කරන්න ඔයාලට ඕන වෙනවා Mx Player කියන Video Player එක.ඔයාලට Mx Player එක නැත්තම් මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න..

ඊට පස්සේ මෙතනින් ගිහින් iskpota.ttf File එක ඩවුන්ලෝඩ් කරගන්න..ඊටපස්සේ පහලින් කියලා තියෙන විදිහට කරන්න..



  • iskpota.ttf File එක ඔයාගේ Phone එකේ Internal Storage එකට Copy කරගන්න..



  • Mx Player එකේ වීඩියෝ ෆයිල් එකක් Open කරගන්න..





  • උඩ Bar එකේ තියෙන Dot 3 ක්ලික් කරලා Subtitle කියන එක ක්ලික් කරලා Settings Tab එකට යන්න.






  • Font කියලා එකක් තියෙනවා එකේ Default කියලා ඇත්තේ..අන්න එක ක්ලික් කරලා iskpota.ttf කියන එක Select කරන්න..



එතකොට වැඩේ හරි...දැන් ගිහින් සබ් එක දාලා බලන්න..වැඩ කරයි.




එහෙනම් තවත් මේ වගේ පෝස්ට් එකකින් හම්බවෙමු..සුභ දවසක් වේවා..

No comments