Petta (2019) Tamil


                    Petta ෆිල්ම් එක තමයි රජිනිකාන්ත් ගේ අලුත්ම ෆිල්ම් එක.මේකට කලින් ආපු 2.0 නම් තාම ආවේ නෑ..ඒකත් ලගදීම එයි කියලා හිතෙනවා..රජිනිකාන්ත් කියන්නේ ලෝකෙන්ම සිනමා මාදිලි 4 ක ඒ කියන්නේ Black & White , Color ,Animation ,3D කියන සිනමා මාදිලි 4 ක රගපාපු එකම නළුවා වෙනවා..මේ ෆිල්ම් එකේ බොක්ස් ඔෆිස් ආදායම ඉන්දියානු රුපියල් කෝටි 250ක් වගේ වෙනවා..7.9/10 ක IMDb අගයක් ලබාගන්නත් හැකි වෙනවා..

                     Karthik Subbaraj ගේ අධ්‍යක්ෂණයක් විදියට තමයි මේ චිත්‍ර‍පටිය නිකුත් වෙන්නේ.. Pizza,Jigarthanda,Mercury වැනි ඇති ප්‍ර‍සිද්ධ වු චිත්‍ර‍පටි කිහිපයක්ම ඔහුගේ අධ්‍යක්ෂණයෙන් නිමැවි තිබෙනවා. මේ චිත්‍ර‍පටියේ ප්‍ර‍ධාන චරිතයට රංඟනයෙන් දායක වෙන්නේ දමිළ සිනමාවේ සූපර් ස්ටාර් ලෙස තවමත් කිරුළු පැලදි සිටින Rajinikanth විසින්... මිට අමතරව Vijay Sethupathi,Nawazuddin Siddiqui,Bobby Simha ද රංඟනයෙන් දායක වි තිබෙනවා... මිට අමතරව Simran,Trisha චිත්‍ර‍පටියේ ප්‍ර‍ධාන නිලියන්ගේ චරිත වලට රංඟනයෙන් දායක වෙනවා.. කතාව ගැන කෙටියෙන් කිව්වොත් එහෙම ඩාර්ජලින් වල කැම්පස් එකේ තරුණ නේවාසිකාගාරයක් තියෙනවා. කැම්පස් එකක නවක වදය වගේ ක්‍රියා යම් විදියකට සමාන්‍යයයි නේ. නමුත් මේ නේවාසිකාගාරේ අවසන් වසරේ සිසුන් නවක සිසුන්ට සලකන්නේ බොහෝම පහත් විදියට... නමුත් එක් දිනක් මේ නේවාසිකාගාරය පාලනයට වේලන් (රජනිකාන්ත්) කියලා පුද්ගලයෙක් පැමිණිනෙනවා. මොහුත් එක්ක නම් මේ සිසුන්ට සෙල්ලම් දාන්න හම්බවෙන්නේ නැහැ. ඔහු නීතිය අකුරටම පිලිපදිනවා. කොහොම හරි මේ සිදුවිම් නිසාම වේලන්ට හතුරන් පවා ඇති වෙනවා. නමුත් වේලන් කියන්නේ සුළු පටු කෙනෙක් නෙමෙයි...ඉතුරු ටික ෆිල්ම් එකෙන් බලාගන්නකෝ..



[ SD ] x264 - { 700 MB }



[ 720p ] HD x264 - { 1.4 GB }


[ 1080p ] FULL HD x264 - { 2.5 GB }




No comments