Torrent ෆයිල් Direct විදිහට Download කරමු

ටොරෙන්ට් වලින් ෆිල්ම්ස් ගේම්ස් ඩවුන්ලෝඩ් කරන කට්ටියට මේ පෝස්ට් එක ගොඩක් වැදගත් වෙයි.ඉතින් ටොරෙන්ට් වලින් ෆිල්ම් එහෙම ඩවුන්ලෝඩ් කරද්දී තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි Speed එක.සමහර වෙලාවට ඩවුන්ලෝඩ් කරන්න බැරි තරමට Speed එක අඩුයි.ඉතින් මේ ටොරෙන්ට් වල Download Speed එක තීරණය වෙන්නේ Seeds ,Peers ගාන අනුව.ඒ Seeds Peers ගාන වැඩි වෙන්න වැඩි වෙන්න Download Speed එක ගොඩක් වැඩි වෙනවා.හිතන්නකෝ ඔයාට පරණ ෆිල්ම් එකක් ඩවුන්ලෝඩ් කරන්න වුනා කියලා.ඉතින් ටොරෙන්ට් ඒකෙන් ඒ ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරන්න ගියොත් සමහරවිට ඩවුන්ලෝඩ් කරගන්න බැරිවෙයි.මොකද ගොඩක් ෆිල්ම් වලට Seeds Peers නැති හින්දා ඒ ෆිල්ම් ඩවුන්ලෝඩ් කරගන්න බෑ..

ඉතින් මම අද කියලා දෙන්න යන්නේ කොහොමද මේ ටොරෙන්ට් ෆයිල් එකක් Direct විදිහට ඩවුන්ලෝඩ් කරගන්නේ කියලා..ඉතින් අපිට ඒකට පොඩි වෙබ් සේවාවක් භාවිතා කරන්න වෙනවා..ඒ තමයි Seedr කියන සේවාව.ඉතින් මේක කරන විදිහ නම් පට්ට ලේසියි.කරන්න තියෙන්නේ පොඩි වැඩයි...

ඔය උඩ තියෙන Register Now බටන් එක ක්ලික් කලාම ඔයාලව අරන් යනවා Seedr Registation Page එකට.ඒකට ගියාම ඔයාගේ Email එකයි Password එකයි අහනවා ඒ ටික දීලා Seedr එකේ Register වෙන්න.එතකොට ඔයාට Seedr එකේ Account එකක් ලැබෙනවා.
.මුලින්ම ඔයාට ලැබෙනවා 2GB Storage එකක්.ඔය මම උඩින් දාලා තියෙන ලින්ක් එකෙන් ගිහිල්ලා Register වුනාම වැඩිපුර 500 Mb හම්බවෙනවා..ඉතින් ඔයාට මුලින්ම පුළුවන් 2GB ට අඩු ෆිල්ම් Direct Link වලට Convert කරගන්න..ඔයාට මේ දීලා තියෙන Storage එක වැඩිකරගන්න ක්‍රම මෙයාලා දීලා තියෙනවා.ඒ වැඩ කරලා පුළුවන් Storage එක වැඩිකරගන්න.
ඉතින් ඔය Seedr එකේ උඩම තියෙනවා TAB එකක් "Paste Torrent URL" කියලා අන්න ඒකට ඔයාට ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ ෆයිල් එකේ ටොරෙන්ට් ලින්ක් එක  Paste කරලා පැත්තකින් තියෙන + ලකුණ ක්ලික් කරලා ඔයාට පුළුවන් මේකේ Direct ඩවුන්ලෝඩ් ලින්ක් එකක් හදාගන්න.එහෙම කලාට පස්සේ පහලින් ඒ ෆයිල් එක පෙන්නනවා.ඒ ෆයිල් එක උඩ ක්ලික් කලාම ඩවුන්ලෝඩ් ලින්ක් එක ගන්න පුළුවන්.ඉතින් ඒකෙන් පුළුවන් ඔයාලට ඒ ෆයිල් එක Direct Download කරගන්න....  

No comments