Youtube එකට Download Button එකක්

                      YOU TUBE කියන්නේ අද වෙනකොට ලෝකේ ජනප්‍රියම දෙයක්.ඉතින් මේ YouTube එකත් Google එකට අනුබද්ධිත Program එකක්.ඉතින් YouTube එක ගැන නොදන්න කෙනෙක් දැන්නම් හොයාගන්නත්  අමාරුයි.ඉතින් මේ YouTube එකේ Videos ඩවුන්ලෝඩ් කරගන්න ගොඩක් ක්‍රම තියෙනවා..සමහර කට්ටිය වෙනම Software පාවිච්චි කරනවා.සමහර කට්ටිය URL එකේ SS ගහලා Download කරගන්නවා.ඉතින් මේ ක්‍රම වලින් Video එකක් Download කරගන්න ගියාම ගොඩක් වෙලා යනවානේ.ඉතින් ඒ වෙනුවට වීඩියෝ ඉක්මනින්ම ඩවුන්ලෝඩ් කරගන්න YouTube එකටම ඩවුන්ලෝඩ් බටන් එකක් තිබ්බොත් කොහොමද??පට්ට නේ..

                         ඉතින් අපිට YouTube එකට ඩවුන්ලෝඩ් බටන් එකක් ගන්න විදිහක් තියෙනවා.හැබැයි එක වැඩකරන්නේ Google Chrome එකේ විතරයි.මොකද කියනවනම් මේක Extension එකක්.මේ Extension එකෙන් කරන්නේ වීඩියෝ එකේ ඩවුන්ලෝඩ් බටන් එක වීඩියෝ එකේ පහලින් දාන එක.මේ Extension එකත් Save From.Net එකේ Service එකක්.ඔය පහලින් දාලා තියෙනවා වගේ බටන් එකක් තමයි දකින්න ලැබෙන්නේ.ඔයාලට ඕනේ කරන Quality එක අනුවත් මේකේ ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්..

  



                         මම පහලින් දාලා තියෙන Download Button එක ක්ලික් කරලා ඔයාලට පුළුවන් Extension එක Chrome එකට Add කරගන්න.Extension Add කරගන්න දන්නවා නේද??දන්නෙ නැති කට්ටියත් ඇතිනේ..එහෙනම් ඒ අය බලාගන්න..ඉස්සෙල්ලාම මම ඔය දීලා තියෙන ලින්ක් එක ක්ලික් කලාම පොඩි ෆයිල් එකක් ඩවුන්ලෝඩ් වෙනවා.ඩවුන්ලෝඩ් වුනාට පස්සේ Auto install වෙනවා.ඊට පස්සේ අපෙන් අහනවා Extension එක Add කරන්නද කියලා.ඒ Massege එකට Add Extension කියලා දෙන්න.එතකොට සේරම හරි..එහෙනම් ගිහිල්ලා එන්නම්... 





2 comments: