අපේ නම තියෙන Intro Video එකක් හදාගමුද


                      Youtube Channel එකක් කරන අයට ගොඩක් වටින දෙයක් තමයි Intro එක කියලා කියන්නේ..ඉතින් මේ Intro එකක් හදාගන්න ගොඩක් ක්‍රම තියෙනවා..ඒත් ඒ ගොඩක් ක්‍රම ගොඩක් අමාරුයි..Adobe Photoshop,After Effects,Premire වගේ සොෆ්ට්වෙයා තියෙන්නත් ඕනේ ඒකක් හදාගන්න..ඉතින් මම අද කියලාදෙන්න යන්නේ මෙච්චර මහන්සි වෙන්නෙ නැතුව කොහොමද Intro එකක් හදාගන්නේ කියලා.. 

           ඉතින් අපිට මේ Intro හදාගන්න පුලුවන් Websites තියෙනවා..ඉතින් ඒ අතරින් Intro Video එකක් හදාගන්න සුපිරි Site එකක් තමයි Panrozoid කියලා කියන්නේ..ඉතින් මම පහලින් දාලා තියෙන ලින්ක් එකෙන් ඔයාලට පුලුවන් ඒ වෙබ් සයිට් එකට යන්න.


            Register වෙන්න ඕනෙත් නෑ..Video එක Free Download කරගන්නත් පුලුවන්..මම දීලා තියෙන ලින්ක් එකට ගියාම ඔයාට හදාගන්න පුලුවන් Intro Video ගොඩක් පෙන්නයි.
            ඉතින් ඒ එකක් තෝරගෙන ඒක ක්ලික් කලාම වෙනම පේජ් එකකට යනවා..ඒකේ තියෙන්නේ ඔයා තෝරගත්ත Intro එක වගේ අනිත් Intro ..ඉතින් ඔයාල තෝරපු එක අවුල් වගේනම් එතනින් එකක් තෝරන්න පුලුවන්.
            එහෙම තෝරලා Open In Clipmaker ක්ලික් කලාම Video Editing පේජ් එකකට අපිව අරගෙන යනවා.
               ඒකෙදී ඔයාලට පුලුවන් වීඩියෝ එකේ Preview එකක් බලාගන්න..ඒ වගේම වම් පැත්තේ තියෙනවා Toolbar එකක්..අන්න ඒකෙන් තමයි Video එකේ Words,Timing,Colour,Font වගේ එව්වා මාරු කරන්නේ..කොටින්ම කිව්වොත් සම්පූර්න වීඩියෝ එකම හදන්නේ එතනින් තමයි..

ඔයාලත් ගිහින් වීඩියෝ එකක් හදලා බලන්නකෝ..එහෙනම් ගිහිල්ලා එන්නම්...

No comments