Gotham

Image result for Gotham ඉතින් ඔයාලට අදත් අරගෙන ආවා පට්ට ටීවී සීරිස් එකක්.මේකනම් ගොඩක් කට්ටිය බලනවත් ඇති.ඉතින් මේ තමයි කොමික් ලෝකේ නිර්මාණය වුනු හොදම නිර්මාණයේ...ඒ කියන්නේ Bat Man ගේ ටීවී සීරිස් එක.ඉතින් ඇත්තටම කිව්වොත් මේක Bat Man ගේ කතාව කියන්නත් බෑ.මේ තමයි ගෝතම් වල කතාව.මේකේ ගොඩක් දෙනෙක්ගේ කතා තියෙනවා.ජිම් ගෝඩන් ගේ කතාව,Cat Woman ගේ කතාව,ජෝකර් ගේ කතාව වගේ කතා ගොඩක් එකට එකතු කරලා හදපු සුපිරි නිර්මාණයක්.මමත් මුලින් හිතුවේ මේක ගොඩක් කම්මැලි ඇති කියලා..පස්සේ නිකන් පිස්සෙක් වගේ තමයි මේක බැලුවේ.ඉතින් මේ සීරිස් එක ගැන විස්තරයක් පහලින් දාලා ඇති ඒකත් කියවගෙනම පහලින් තියෙන ලින්ක් වලින් ඩවුන්ලෝඩ් කරගන්නකො..ඉස්සෙල්ලාම කියන්න ඕනේ මම ඔය කතාව උපුටා ගත්ත එකක් හොදේ..පට්ටෙට ලියලා තියනවා ඒක හින්දා නොදා ඉන්න හිත දුන්නෙම නෑ...


ගෝතම්, නැත්නම්මීට අමතරව පෙර කාලයේදී Gotham Town (18වන සියවසේදී) Gotham; Nieuw Rotterdam (මූලික ලන්දේසි නම); Fort Adolphus යන නම්වලින් මේ නගරය හඳුන්වලා තියෙනවා. ගෝතම් කියන්නේ ප්‍රධාන ජනපදයෙන් වෙන්ව තියෙන දූපත් කිහිපයක් එක්ව සෑදුනු නගරයක්. ප්‍රධාන ජනපදයේ ඉඳන් ගෝතම් වලට පිවිසිය හැකි මාර්ග (පාලම්) දෙකයි තියෙන්නේ.ඉතින් මේ වෙන්ව තියෙන නිසාම ගෝතම් කියන්නේ අපූර්ව ස්වාධීන යුගයක තියෙන නගරයක්. ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සි ජනපදයේ ගෝතම් ප්‍රදේශයේ තමයි ගෝතම් නගරය පිහිටලා තියෙන්නේ. වර්ග කිලෝමීටර 846.9ක් පුරා ගෝතම් පැතිරිලා තියෙනවා.
ගෝතම් නගරය වටවෙලා තියෙන්නේ මේ ප්‍රදේශ වලින්
බ්‍රයිඩ්ෂෙඩ්, බර්න්ලෙයි, චෙරි කන්ද, චයිනාටවුන්, යක්ෂයාගේ චතුරශ්‍රය, නැගෙනහිර අන්තය (අපරාධ මුඩුක්කුව), ගෝතම් මුදුන, ගෝතම් ගම්මානය, මිලර් වරාය, ඕටිස්බර්ග් කන්ද, පටු සමුද්‍ර සන්ධිය, ට්‍රයිකෝනර්
ගෝතම්හි පොදු ස්ථාන,
ආර්චි ගුඩ්වින් අන්තර්ජාතික ගුවන් තොටුපල, ගෝතම් නාගරික ප්‍රධාන රෝහල, ගෝතම් නාගරික පොලිස් දෙපාර්තමේන්තුව, ගෝතම් පොදු පුස්තකාලය, රොබින්සන් උද්‍යානය
ගෝතම්හි ප්‍රමුඛතම ව්‍යාපාරික ස්ථාන,
Ace Chemical Processing Plant, S.T.A.R. විද්‍යගාරය (ශාඛාවක්), මොනාච් රඟහල, දුම්කොළ වෙළෙන්දන්ගේ සංගමය, වෙයින් ව්‍යාපාරය (වෙයින් ආකාශතලය, වෙයින් කර්මාන්තය)
ගෝතම්හි මාධ්‍ය ආයතන,
Gotham Broadcasting Company (GBC), ගෝතම් ගැසට්
ගෝතම්හි වැදගත් අනෙකුත් ස්ථාන,
ආර්කම් උන්මන්තකාගාරය, වවුල් ගුහාව, බ්ලැක්ගේට් සිරගෙය, Club Vesuvius, යුක්තියේ ශාලාව (යුක්ති ලීගයේ සම්බන්ධතාවයට පමණි), අයිස්බර්ග් විවේකස්ථානය, යුක්ති සමාගමේ මූලස්ථානය, සත්ව ඝාතන වගුර, වෙයින් නින්දගම, වෙයින් කුළුන
මේ තමයි ගෝතම්හි වීරයන්,
Azrael (Jean-Paul Valley), Batgirl (Barbara Gordon), Batman (Bruce Wayne), Batwoman (Katherine Kane), Black Bat (Cassandra Cain), Birds of Prey, Black Canary (Dinah Laurel Lance) (ඇරෝ ගේ බිරිඳ වන්නේ මැය), Huntress (Helena Bertinelli), Catwoman (Selina Kyle), Jason Blood, Nightwing (Dick Grayson) (මුලින්ම බැට්මෑන් ගේ සහයකයා වුනු රොබින්), Ragman (Rory Regan), Red Robin (Tim Drake), Robin (Damian Wayne)
ගෝතම්හි දුෂ්ටයන්,
Anarky, Bane, Black Mask, Blockbuster (Mark Desmond), Blockbuster (Roland Desmond), Calculator, Calendar Man, Catman, Cavalier, Clayface (Basil Karlo), Clayface (Clay Payne), Clayface (Matt Hagen), Clayface (Preston Payne), Clayface (Sondra Fuller), Cluemaster, Deadshot, Doctor Double X, Doctor Phosphorous, Dragoncat, Electrocutioner, Film Freak, Firebug, Firefly, Grotesk, Harley Quinn, Hugo Strange, Hush (Thomas Elliot), Joker, KGBeast, Killer Moth, King Snake, Kite-Man, Lady Shiva, Lockup, Mad Hatter, Man-Bat, Maxie Zeus, Mister Freeze, Victor Zsasz, Nocturna, Penguin, Poison Ivy, Red Hood (Jason Todd), The Riddler, Rupert Thorne, Scarecrow Silver Monkey, Solomon Grundy, Talia al Ghul, The Terrible Trio, Tweedle-Dee, Tweedle-Dum, Two-Face
ගෝතම්හි අනෙකුත් ප්‍රධාන චරිත,
Thomas Wayne (බෘස් ගේ පියා), Martha Wayne (බෘස් ගේ මව), Alfred Pennyworth (බෘස් හදා වඩාගත් තැනැත්තා), Robert Langstrom, Alberto Falcone, Anthony Zucco, Carmine Falcone, Crispus Allen, Eddie Skeevers, Francine Langstrom, Harvey Bullock, Irene Miller, James Gordon, Janice Porter, Jason Bard, Jim Corrigan, Joe Chill, Leslie Thompkins, Lucius Fox, Renee Montoya, Silver St. Cloud, Sofia Falcone, Tony Zucco, Vicki Vale
ඉතින් ඔය තමයි සරලවම ගෝතම්. අද ඉඳන් පටන් ගන්න මේ කතාව ගෝතම් නගරයේ කතාව වෙනවා. ගෝතම් නගරයේ ප්‍රධාන චරිතය බැට්මෑන් උනාට මේ කතාවේදී ප්‍රධාන චරිතය වෙන්නේ ගෝතම් පොලිස් දෙපාර්තමේන්තුවේ පුරාවෘත්තය වෙච්චි ජේම්ස් ගෝර්ඩ්න්. ගෝතම්හි සෑම චරිතයක් වටාම ගෝර්ඩ්න් ඉන්නවා. (මෙයා ගැන විස්තර කියනවාට වඩා හොඳයි කතාව බලලම එයාගේ ජීවිත කතාව බලන එක).
පොලිස් පරික්ෂනයෙක් වන තරුණ ගෝර්ඩ්න්ගේ කතාව සැබවින්ම පටන් ගන්නේ බෘස් වෙයින් හමුවීමත් එක්කයි. දාමරිකයෙක් අතින් තම දෙමව්පියන් මියයනු දුටු බෘස් ගේ සිත සනසන්න මූලික වන්නේ ඇල්ෆ්‍රඩ් වුවත් බෘස් ගේ සිත වෙනමම මානයකට යවන්නේ ගෝර්ඩ්න්. පසුකලෙක බැට්මෑන් ලෙස පැමිණෙන්නට බෘස් ට එක හේතුවක් වෙන්නේ එදා සිදූවූ මෙම සිද්ධියයි.
බැට්මෑන්, කැට්වුමන්, විෂ අයිවී, රිඩ්ලර්, පෙන්ගුයින්. මේ හැමෝගෙම ජීවිත තුල කොතැනක හෝ ගෝර්ඩ්න් ඉන්නවා. මේ කව්රුවත් උපතින් වීරයෙක් හෝ දුෂ්ටයෙක් උනේ නැහැ. මොවුන්ව මේ තත්වයට පත්කරේ ගෝතම්හි ඔවුන් පත්වුණු තත්වයන් අනුවයි. උදාහරණයක් ලෙස බැට්මෑන් ලෙස සැකසෙන්න බෘස් ට සිදුවූයේ තම දෙමාපියන්ගේ මරණයි. පෙන්ගුයින් සමාජයේ විහිලුවට ලක්වූයෙක්, කැට්වුමන් මුඩුක්කු ජීවිතය අත්දැකපු කෙල්ලෙක්. ඒ නිසා ගෝතම් යනු ගොර්ඩ්න්ගේ කතාව පමණක් නෙවෙයි. මේක බෘස් ගේ කතාවක්, අයිවිගේ කතාවක්, සෙලීනාගේ (කැට්වුමන්) කතාවක්, පෙන්ගුයින්ගේ කතාවක්. ඒ වගේම ගෝතම්හි ප්‍රධානම සතුරා වන ජෝකර් ගේ කතාවක්.
Crime, Fiction, Action, Crime, Drama යටතට ගැනෙන මෙම කතා මාලාව Bruno Heller විසින් නිර්මාණය කෙරුණක්. මේ සඳහා පාදක කරගෙන ඇත්තේ DC කොමික් විශ්වයේ Batman සහ James Gordon යන චරිත වලට අදාළ කතා ප්‍රධානවම ඇතුලත් DC Entertainment හි නිර්මාණයි.
ලිපිය – තිසර නියෝ




My Blog :https://lakiyatec.blogspot.com/
Follow Us On FB :https://www.facebook.com/LakiyaTec/
Viutube :http://viutube.lk/myaccount.php?user=4388
Twitter :https://twitter.com/Lakiya_Tec

No comments