Windows Pc එකේ FPS වැඩි කරගමු..


         ඔන්න මම අදත් ගෙනාවා ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා හිතන දෙයක්.ඉතින් මම අද ඔයාලට කියන්න යන්නේ අපි කොහොමද අපේ Windows පීසී එක Speed කරගන්නේ කියලා.ඒ වගේම මම කියලා දෙන්න යන්නේ අපි ගේම් ගහද්දි ඒ ගේම්ස් වල FPS එක එකකින් හෝ දෙකකින් වැඩි කරගන්න ක්‍රමයක්.Gamers ලා ටනම් මේක ගොඩක් වැදගත් වෙයි කියලා හිතනවා..

මුලින්ම ඔයාලගේ Desktop එකේ තියෙන This Pc එක උඩ Right Click කරලා එන පැනල් ඒකෙන් Properties දෙන්න.එතකොට එයි ඔයාලගේ RAM එක,වින්ඩොස් වර්ෂන් එක තියෙන වින්ඩෝ එක.අන්න ඒ වින්ඩෝ එකේ වම් පැත්තට වෙන්න තියෙන බාර් එකේ තියෙනවා Advance System Setting කියලා එකක්.අන්න ඒක Click කරන්න.



එතකොට එයි System Properties කියලා Tab එකක්.අන්න ඒ Tab එකේ තියෙනවා Performance කියලා Box එකක්.අන්න ඒ Box එකේ තියෙනවා Setting කියලා බටන් එකක්.අන්න ඒක Click කරන්න.



එතකොට එයි Performance Option කියලා Tab එකක්.අන්න එකේ Adjust Best Performance කියන ඒකට ටික් එකක් දාන්න.



ඊට පස්සේ යට තියෙනවා තව ටික් දාලා තියෙන කොටු වගයක් අන්න ඒ කොටුවලින් මේ තියෙන කොටු දෙකට විතරක් ටික් දාන්න.


  • Show Shadow Under Windows
  • Show Thumbnail Instead Of Icons
  • Smooth Edges Of ScreenFonts
  • Use Drop Shadows For Icon Labels On The Desktop


ඔය දෙවනියට තියෙන ටික් එක දැම්මේ නැත්තම් ඔයාලගේ වීඩියෝ වල සින්දු වල Thambnail පෙන්නේ නැතිවෙයි.හැබැයි පීසී එක ස්පීඩ් ඒ ටික් එක දැම්මේ නැත්තම්.
ඔන්න ඔය ටිකට ටික් දාලා Apply කරන්න.තාම ok කරන්න යන්න එපා තව වැඩ ටිකක් ඉතුරුයි..

ඊට පස්සේ ඔය තියෙන වින්ඩෝ එකේම උඩ ඇති තව Tab එකක් Advanceed කියලා.අන්න ඒ Tab ඒකට දැන් යන්න ඕනේ..ගියාට පස්සේ යට තියෙනවා Virtual Memory  කියලා බටන් එකක් අන්න ඒක ක්ලික් කරන්න..



එතකොටම එයි අලුත් වින්ඩෝ එකක්.අන්න ඒකෙ තියෙන "Automatically Manage Paging File Size For All Drives"කියන එකේ තියෙන ටික් එක අයින් කරන්න ඕනේ.



ඊට පස්සේ Space එක ටිකක් තියෙන ඩ්‍රයිව් එකක් තෝරලා යට තියෙන Custom Size කියන එකට ටික් එකක් දාලා Box දෙකටම 8192 කියලා දාන්න.ඊටපස්සේ යට තියෙන Set බටන් එක Click කරලා Ok කරන්න.ඊට පස්සේ පීසී එක රීස්ටාට් කරන්න අහයි එතකොට රීස්ටාට් දෙන්න.

Restart වුනාට පස්සේ සුපිරි වෙනසක් පෙනෙයි පීසී එකේ.ඉතින් ඔය ටික තමයි කරන්න තියෙන්නේ.ආ.....ආ.. යන්න කලින් කියන්න දෙයක් තියෙනවා..මෙතනින් ගිහින් මගේ YouTube චැනල් එකට Subscribe එකක් දාගෙන යනවද..ගොඩක් ලොකු උදව්වක්..එහෙනම් තවත් මේ වගේ පෝස්ට් එකක් අරන් එනකම් ඔයාලට සුභ දවසක් වේවා....





No comments