Manikarnika: The Queen of Jhansi (2019) -Hindi

          ඉතිහාස කතන්දරයන් සඳහා වන ඉල්ලුම, ඒ සඳහා වන ප්‍රේක්ෂක උනන්දුව සහ ඒවායින් මැවෙන කලාත්මක රසය, යුගයෙන් යුගයට නැවුම් වෙමින් පවතින සිනමා ක්ෂේත්‍රය තුළ තවමත් ශක්තිමත්ම ශානරයක්. පෙරදිග සිනමාවටත් බටහිර සිනමාවටත් පොදු ලක්ෂණයක් විදිහට වීරත්වයෙන් පිරි, වික්‍රමාන්විත රසය වෑහෙන රණශූර කතන්දරයන් වලට හැමදාමත් ඉහළම ආකර්ශනයක් හිමි වනවා. ඒ අනුව බොලිවුඩයේ 2019 වසරේ ආරම්භය වෙනුවෙන් Manikarnika සිනමා සිත්තම පසුගිය ජනවාරි 25 වනදා තිරගත කිරීම් ආරම්භ කළා. වසර 1857 වකවානුව තුළදී ඉන්දියාවේ ආධිපත්‍යය දරා සිටි බ්‍රිතාන්‍ය පෙරදිග ඉන්දීය වෙළඳ සමාගමේ ක්‍රෑර පාලනයට එරෙහිව කැරළි ගැසූ, Rani Lakshmibai හෙවත් Jhansi පුරවරයේ අභීත රණශූරියගේ විශ්මිත අත්‍යාලංකාරයක් මෙලෙසින් සිනමාවට නැඟුනා.

සිනමාත්මක උපහාරයකින් පිදිය යුතුම ජාතික වීරවරියකගේ චරිතාපදානයක් විදිහට රංගන ශිල්පිනී Kangana Ranaut ගේ රංගන දිවියේ සුවිශේෂී කඩ ඉමක් මේ ඔස්සේ සනිටුහන් වෙනවා. වයස අවුරුදු විසි දෙවැනි විය සපිරෙද්දීම ඉන්දියානු ජාතික සිනමා සම්මානයෙන් පිදුම් ලබන්නට හැකි වූ ලාබාලතම ඉන්දීය රංගන ශිල්පිනියක් ලෙසින් Fashion (2008) චිත්‍රපටයේ සහය රංගනය වෙනුවෙන් ඈ සම්මානයට පාත්‍ර වූවා. ජනප්‍රිය තළයක රැඳුනත් කලක් තිස්සේම ක්‍රමානුකූලව වැඩිදියුණු කරගෙන ආ සිය රංගන කුසලතාවෙහි ශක්තිමත්ම චරිත නිරූපනය ඉදිරිපත් කරන්නට මේ හරහා ඇයට හැකි වෙනවා. Historical Drama වර්ගයේ චිත්‍රපට චරිතයකට ප්‍රථම වතාවට පණ පොවන ඇගෙන් දකින්නට ලැබෙන රාජකීයත්වය අති දැවැන්ත ස්වරූපයකින් විදහා පාන්නට ඈ සමත්ව තිබෙනවා.

කුඩා බල ප්‍රදේශයක කුමරියක් ලෙසින් අභිශේක ලබන ඈ පසු කලෙක Rani Lakshmibai ලෙසින් ලෝ පතළ මහා චරිතයක් වන්නට තුඩු දුන් ජීවන චාරිකාව තුළ අත්විඳින දෑ බොහෝයි. කෙළිලොල් කුමරියක්, ආදරණීය බිරිඳක්, ස්නේහවන්ත මවක්, රාජ්‍යක් රක්ෂා කරන රැජිණක් සහ අභීත රණශූරියක් වශයෙන් වන විවිධාකාර වූ ස්වරූපමය පැතිකඩයන්ගෙන් සැදුම් ලබන චරිතාපදානයක් වෙනුවෙන් යොදාගන්නා රංගන ශිල්පිනියත් අනිවාර්යයෙන්ම සුවිශේෂී අයෙක්ම විය යුතු වනවා. Kangana Ranaut ලෙසින් දැක තිබෙන රංගන ශිල්පිනියට මෙය කිනම් ආකාරයේ අභියෝගයක් වෙයිද, මේ සා දැවැන්ත පෞරුෂයක් හසුරුවාගන්නට ඈට හැකිවෙයිද, විශේෂයෙන්ම රණශූර රැජිණක සතුවිය යුතු ප්‍රතාපවත් බව ඈ කෙරෙන් කෙසේ දිස් වේවිද යන පැනයන්ට සියලුම පිළිතුරු ප්‍රථම පූර්ව ප්‍රචාරක පටයෙන්ම දැනගන්නට ලැබුනා. සමස්ත සිනමා සිත්තම පුරාම ඈ කෙරෙන් දකින්නට ලැබෙන ලාලිත්‍යවත් බව සහ දැඩි බව එකම තළයක රඳවාගනිමින් ඉදිරිපත් කරන නිරූපනය වසරේ මතකයේ රැඳන එකක් වනවා.

සටන් කරන්නට සිදුවූ සියලුම ඉන්දීය කැරළිකාර නායකයින් අතරින් වඩාත්ම භයංකර වූ නායිකාව Lakshmibai බව සඳහන් කරමින් Rani Lakshmibai ගේ කැරළිකාර සේනාව හා මුහුණට මුහුණ සටන් කරමින් බ්‍රිතාන්‍ය සේනාව මෙහෙයවූ Hugh Ross විසින් ඇය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කර තිබෙනවා. චිත්‍රපටයට එම මුහුණට මුහුණ සටන ආදේශ කරගැනීමේදී Kangana Ranaut ව යොදාගැනීම සම්බන්ධයෙන් යොමු කර තිබූ අවධානය කැපී පෙනෙන එකක්. එතෙක් මෙතෙක් ඉන්දීය සිනමාව තුළ නිර්මාණය කෙරුනු ඉතිහාසගත වීරවරුන් අතර, වීරවරියක් ඉස්මතු කරලීම වෙනුවෙන් භාවිතා කළ හැකි උපරිම නිර්මාණාත්මක ක්‍රියාන්විතයක තීව්‍රතාවය, චිත්‍රපටය පුරාවටම ප්‍රේක්ෂකයා හට තදින්ම දැනෙන එකක් විදිහට ඇතුලත් කරවා තිබෙනවා. හුරුපුරුදු සුන්දර Kangana ගේ ආකර්ශනීයත්වය එලෙසින්ම රඳවා තබාගනිමින් තවත් පසෙකින් ඈ තුළම ඉන්නා එඩිතර ප්‍රතාපවත් මුහුණුවරත් ඉදිරිපත් කරවීමේදි, මුහුණෙන් කෙරෙන හැඟීම් ප්‍රකාශනයන් වඩාත් බලවත් ලෙස ඔපවත් කර තිබුනා. බ්‍රිතාන්‍ය උසස් සේනාංක නිළධාරි Hugh Ross විසින් ප්‍රකාශ කර ඇති පරිදිම භයංකර නමුත් පෙනුමෙන් සුන්දර, බුද්ධිමත් සහ අභීත කාන්තාවක් ලෙසින් සමස්ත චිත්‍රපටය පුරාම ඇගේ ආකර්ශනීයත්වය පැතිර තිබෙනවා. එමෙන්ම සේනා සංවිධානය, පුහුණු කරලීම සහ සටන් ජවනිකා වෙනුවෙන් දකින්නට ලැබෙන රංගන කුසලතාවය අනපේක්ෂිත මට්ටමේ එකක්ද වනවා. එක් කඩු සටන් ජවනිකාවක් රූගත කිරීම් අතරතුරදී අතපසුවීමකින් එල්ල කළ පහරකින් ඇගේ ඇහිබැම අතර ප්‍රදේශය අනතුරකට ලක් වූ අතර, සිදුවූ තුවාලය මැහුම් 12 ක් යොදා සුව කරලීම සඳහා දැඩි සත්කාර ඒකකයට පවා ඇතුළත් කරවන්නට සිදුව තිබෙනවා. සාමාන්‍යයෙන් ක්‍රියාදාම දර්ශනයන් වෙනුවෙන් ආදේශක ශිල්පීන් යොදාගැනීමක් සිදු කරන නමුත් Kangana විසින්ම එය ප්‍රතික්ෂේප කළ නිසාම එම අනතුරට සෘජුවම මුහුණ දෙන්නට ඇයට සිදු වුනා. චිත්‍රපටයේ සියලුම සටන් අධ්‍යක්ෂනයන් Nick Powell විසින් සිදුකර තිබෙනවා.

දෙවියන්ගෙන් ලද වටිනා ආභරණයක් අර්ථයෙන් ඈ Manikarnika නම් කෙරුනත් විවාහයෙන් පසුව ඈ Lakshmibai නම් වනවා. බලලෝභයට පෑ කෑදරබව හේතුවෙන් සිය පරිවාරයෙන්ම සිදු කෙරුනු කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ලෙසින් ඈට තම ජීවිතයේ සියල්ලම අහිමි වන්නේ, Jhansi රාජධානියේ ආධිපත්‍යය පමණක් දිවිහිමියෙන් සුරැකිය යුතු වගකීමක් ලෙසින් ඇගේ උරමත පැටවෙමින්. චිත්‍රපටයේ විවේක කාලයට පෙර කොටසට එම වකවානුව වෙන් කරමින් විවේකයෙන් පසු කොටස වෙන්වන්නේ, කෲරතර බ්‍රිතාන්‍ය ආධිපත්‍යයෙන් පීඩිත තම වැසියන් ගලවාගැනීමේ කැරැළ්ල මෙහෙයවනා නායිකාවකගේ භූමිකාවට ලෙසින් කතන්දරය තුළ හොඳ සමබර බවක් තිබෙනවා. ඇය වෙනුවෙන් සැකසූ වස්ත්‍රාභරණයන් තුළත් රැජිණකගේ අභිමානය සහ රණශූරියකගේ වීරත්වය විදහා දැක්වෙන පරිද්දෙන් අලංකාර කොට තිබෙනවා. චිත්‍රපටයේ දැවැන්ත බව විචිත්‍රවත් රූපකරණයෙන් වඩාත් පුලුල්ව ඉදිරිපත් කර තිබෙනවා. ඉතිහාස කතන්දර ආකෘතියට මනාව පෑහෙන සංගීතයක් Shankar-Ehsaan-Loy ත්‍රිත්වය විසින් ගීත සඳහා මුසු කොට තිබෙනවා. Baahubali 2: The Conclusion, Magadheera වැනි තෙලිඟු වීර කාව්‍යන් සහ බොලිවුඩයේ Bajrangi Bhaijaan වැනි නිර්මාණයන් වෙනුවෙන් තිරරචනයෙන් දායක වූ K. V. Vijayendra Prasad විසින්ම මෙහි තිරරචනයත් සිදු කර තිබීම විශේෂ කාරණාවක්.

රංගනයෙන් ලබා දෙන දායකත්වය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක එකක් වීමේදී බොලිවුඩ් සිනාමාව තුළ තවත් දැවැන්ත පියවරක් Kangana විසින් මේ ඔස්සේම තබනවා. ඒ තම ප්‍රථම චිත්‍රපට අධ්‍යක්ෂණ කටයුත්ත හා සම්බන්ධ වෙමින්. චිත්‍රපටයේ රූගත කිරීම් 2018 වසර තුළදීම අවසන් වනවිට patchwork කටයුතු පමණක් ඉතිරිව පවතිද්දී අධ්‍යක්ෂක Krish ට ඔහුගේ නවතම නිර්මාණය වන N.T.R හි වැඩ කටයුතු වෙනුවෙන් කාලය වෙන්කරන්නට සිදුවනවා. ඒ අතරතුරදී සම අධ්‍යක්ෂිකාව වශයෙන් ඇය වෙත අනපේක්ෂිත බරක් පැටවුනේ මතුවූ මතභේදයක් හේතුවෙන් රංගන ශිල්පී Sonu Sood චිත්‍රපටයෙන් ඉවත්ව යන්නට තීරණය කිරීමේදී. Sonu Sood සම්බන්ධ සියලුම කොටස් නැවත නිර්මාණය කරන්නට සිදුවූ අතර තිරගත කිරීමට නියමිත දිනය වන විට සියල්ල නිම කරන්නට නිශ්පාදන කණ්ඩායම හා මහත් කැපවීමෙන් කටයුතු කළ ඈට හැකි වුනා. ඒ අනුව ගිවිසගත් ජනවාරි 25 දිනයේදීම ලොව පුරා රටවල් 50 කදී තිරගත කිරීම් ආරම්භ කරමින්, හින්දි, දමිළ සහ තෙලිඟු යන භාශා ත්‍රිත්වයෙන්ම, සිනමාශාලා 3700 කදී Manikarnika තිරඟත කරමින් පසුගිය දා අවසන් කලා.
 


zoom.lk මගින් උපුටා ගන්නා ලද්දකි..

400MB | HDrip | ×264 | Direct



700MB | HDrip | ×264 | Direct





No comments