Uri: The Surgical Strike (2019) Hindi

                  2016 අවුරුද්දේ සැප්තැම්බර් මාසේ 18 වෙනිදා ඉන්දියාවේ ජම්මු සහ කාශ්මීර් වල URI හමුදා කදවුරට සතුරු ප්‍රහාරයක් එල්ල වුනා.ඒ සිද්දිය දශක දෙකකට පසු ඉන්දියාවේ සිදු වුන දරුණුතම ත්‍රස්ත ප්‍රහාරය බවට පත් වුන..Jaish-e-Mohammed කල්ලිය විසින් සිදුකල මෙම ප්‍රහාරය සාර්ථකව මැඩ පවත්වන්නට ඉන්දියානු හමුදාවන්ට හැකි වුනා... නමුත් මේ ගැටුමේදි ඉන්දිය හමුදා නිළධාරීන් 19 දෙනෙක් ජීවිතක්ෂයට පත්වුනා. ඉතින් මේ සිදුවිමෙන් එහාට වුන දේ තමයි මේ චිත්‍ර‍පටියට පාඨක වෙන්නේ.. ඉන්දියාව විසින් මේ ප්‍ර‍හාරයට එරේහිව සර්ජිකල් ස්ට්‍රයික් මෙහෙයුමක් දියත් කරනවා. සර්ජිකල් ස්ට්‍ර‍යික් කියන්නේ සතුරාගේ බලකොටුවටම සැඟවි ගොස් පහර දි නැවත පැමිණෙන එන. කොහොම හරි මේක සැබැ සිදුවිමක් නිසාම ඉන්දිය ආරක්ෂක අංශවල අධික්ෂණය යටතේ මේ චිත්‍ර‍පටිය නිර්මාණය කරන්න නිශ්පාදක කණ්ඩායමට සිදුවුනා කියලා තමයි ආරංචි වෙන්නේ. 

                   මේ දවස් වලත් පාකිස්තානු ඉන්දියානු යුද්දය පොඩ්ඩක් උණුසුම්ව යනවනේ.ඉතින් අන්න එකට ගැලපෙනම ෆිල්ම් එකක් තමයි මේක. Aditya Dhar තමයි මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ.Vicky Kaushal,Yami Gautam,Paresh Rawal හා Kirti Kulhari වගේ තව ගොඩක් අය මේ ෆිල්ම් එකට රංගන දායකත්වය ලබා දෙනවා..මේ ෆිල්ම් එක තිරගතවීම් ආරම්භ කලේ 2019 ජනවාරි 11.ඉන්දියානු රුපියල් කෝටි 45ක් පමණ වියදමකින් හදපු මේ ෆිල්ම් එක දැනට ඉන්දියානු රුපියල් කෝටි 347 ක් පමණ හොයලා තියෙනවා කියලා තමයි ආරංචිය..

      Action , Drama , War කියන සිනමා ගණයට අයත් වෙන මේ ෆිල්ම් එක මේ වෙනවිට IMDb දර්ශකයේ 9.0/10 ක ඉහලම අගයක රැදෙන්නට සමත් වෙනවා..පැය දෙකයි විනාඩි 19ක කාලයක් තිරගත වන මේ ෆිල්ම් එක නම් බලන්නම වටිනා ෆිල්ම් එකක් කියලා කියන්න ඕනේ..


[ SD ] x264 - { 700 MB }



[ 720p ] HD x264 - { 1.4 GB }

[ 1080p ] FULL HD x264 - { 2 GB }





No comments