Pen එකෙන් Windows ගහමු



ඔන්න සහෝලාට අදත් වැදගත් වෙන ලිපියක් අරගෙන ආවා. අද ලිපියෙන් කියන්න යන්නේ Bootable USB Flash Drive එකක් හදන්නේ කොහොමද කියලයි. මේ ටික කියන්නේ නොදන්න කට්ටියටයි Bootable USB Flash Drive එකක් කියන්නේ  Bootable CD එකක්ම තමයි. වෙනසකට තියෙන්නේ වැඩේ වෙන්නේ Pen Drive එකක් හරහා. මේ ක්‍රමය ගොඩක් වෙලාවට ප්‍රයෝජනවත් වෙනවා Netbook එකක් , එහෙමත් නැත්නම් පරිගණකයේ තිබෙන CD / DvD ධාවකයේ ප්‍රශ්ණ තියන කට්ටියට නම් මේක ගොඩක්ම වැදගත් වෙනවා. මේ වැඩේට අපි දැන් පාවිච්චි කරන්නේ  WindowsToUSB Lite කියන කුඩා මෘදුකාංගයයි. මේ මෘදුකාංගය බාවිතා කරලා පුලුවන් අපිට ලේසියෙන්ම Windows 8 / 7 / XP යන සංස්කරණ වල  Bootable USB Flash Drive එකක් හදාගන්න. හරි අපි දැන් බලමු කොහොමද Bootable USB Flash Drive එක හදාගන්නේ කියලා.

හරි ඉස්සෙල්ලම මෙන්න මේ WindowsToUSB Lite කියන මෘදුකාංගය බාගන්න.

http://www.windowstousb.com/
WindowsToUSB Lite v 1.3.1.0 Portable



Bootable USB Flash Drive එකක් සෑදීමට අවශ්‍ය කරන දේ.
* Pen Drive එකක්. ( 4GB පෙන් එකක් හෝ ඊට වැඩි ධාරිතාවයකින් යුතු Pen Drive එකක් )
* Bootable Windows CD / DvD එකක් , folder of source windows files එකක් හෝ  Windows ISO ගොනුවක්.

හරි මෙහෙමයි වැඩේ කරගන්නේ.

>> Download කරගත්තු windowstousblite මෘදුකාංගය Open කරගන්න. Install කිරීමක් අවශ්‍ය නෑ.


>> ඊට පස්සේ  ඔයාලා Bootable USB Flash Drive එක හදාගන්න Source File එක තෝරන්න. ( Windows ISO File හෝ  Windows Bootable DVD එක )


>> ඒක තෝරලා Source Path එකත් Browse කරලා තෝරලා දෙන්න.


>> ඊට පස්සේ " Start " ක්ලික් කරන්න. ( පිලිවෙලින් පහත රූපසටහන්. )








දැන් ඉතින් වැඩේ ඉවරයි. ඔයාලා ආයේ OS එක දාද්දි Bios වලින් First Boot Device එක USB විදිහට වෙනස් කරලා ළෙසියෙන්ම OS එක දාගන්න පුලුවන්.

උපුටාගැනීම Podipodidewal.blogspot.com

No comments