Facebook Video ඩවුන්ලෝඩ් කරමු

හැමෝම වගේ පාවිච්චි කරන සමාජ ජාල වෙබ් අඩවියක් තමයි Facebook කියන්නේ.ඉතින් ගොඩක් කට්ටිය මේකට එයාලගේ ෆොටෝ වීඩියෝ වගේ දානවනේ.ඉතින් මේ ෆේස්බුක් එකට දාන ෆොටෝ නම් මහලොකු දෙයක් නොකර ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්.හැබැයි වීඩියෝ නම් ඩවුන්ලෝඩ් කරගන්න දෙන්නේ නෑ.ඉතින් සමහරු  මේකට වෙනමම Software පාවිච්චි කරනවා.හැබැයි ඉතින් මේක සොෆ්ට්වෙයා පාවිච්චි කරලා කරන්න ඕනේ නෑ.

මම කියලා දෙන්නම් සොෆ්ට්වෙයා නැතුව මේක කරගන්න විදිහක්.වැඩේ පට්ටම සරලයි.ඉස්සරවෙලා ඔයාට ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ ෆේස්බුක් වීඩියෝ එකේ ලින්ක් එක Copy කරන්න ඕනේ.ඊටපස්සේ පහලින් තියෙන ලින්ක් එක ක්ලික් කරලා downvideo.net web සයිට් එකට යන්න ඕනේ.


ගියාට පස්සේ තියෙනවා Paste Your Facebook Video Here කියලා Bar එකක්.අන්න ඒකට ඔයා Copy කරගත්ත වීඩියෝ ලින්ක් එක Paste කරන්න ඕනේ.

Paste කරලා එතන තියෙන Download Button එක ක්ලික් කරාම ඔයාලට එයි Video Quality එක තෝරන්න.
ඒකෙන් ඔයාලට ඕනේ කරන Quality එක ක්ලික් කලාම වීඩියෝ එක ඩවුන්ලෝඩ් වෙයි...

No comments